19/10/2024

කරෙයිතිව් ප්‍රාදේශීය සභාවේ අයවැය සඳහා යෝජනා කැඳවයි.

news images

කරෙයිතිව් ප්‍රාදේශීය සභාවේ අයවැය සඳහා යෝජනා කැඳවයි.

2025 වසර සඳහා වන අයවැය සැලැස්ම සඳහා සාමාන්‍ය ජනතාවගෙන් ඵලදායී යෝජනා අපේක්ෂා 
කරන බව කරෙයිතිව් ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ.සුන්දරකුමාර් මහතා නිවේදනය කරයි.

මේ අනුව මහජන සංවිධානවලට සහ ඕනෑම මහජනතාවකට තම යෝජනා එළැඹෙන 2024.10.28 වැනි 
දිනට පෙර ලිඛිතව ඉදිරිපත් කළ හැකි අතර ඉන් පසුව ඉදිරිපත් කරන යෝජනා සලකා බැලීම සඳහා 
භාර නොගන්නා බවද හෙතෙම පැවසීය.

කරෙයිතිව් ප්‍රාදේශීය සභාවේ ඉදිරි වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ මූලික කටයුතු 
මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙහිදී මහජනතාවගේ සහ මහජන ආයතනවල යෝජනා හා අදහස් ලබාගෙන හැකි උපරිමයෙන් 
අයවැය සකස් කිරීම මගින්,ප්‍රාදේශීය සභාව ඉදිරියට ගෙන යාමේ උදාර අරමුණ මුල්කරගෙන මෙවැනි 
යෝජනා ඉල්ලා සිටින බවද ලේකම්වරයා සඳහන් කළේය.
 
 

Loading

Top
slot gacor goldenbarcelona.zthotels.com slot gacor hari ini bento4d bento4d bento4d bento4d https://www.midatlanticballoonfestival.com toto slot
rimbatoto rimbatoto slot gacor slot gacor slot gacor rimbatoto toto slot slot gacor situs togel